ස්පාඤ්ඤයේ ගංවතුර විපත පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට හයවන Felipe රජු වෙත සංවේගය පළ කරයි
2024-11-02 16:49:57
Share with:
ස්පාඤ්ඤයේ අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් ගංවතුර විපත පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට හයවන Felipe රජු වෙත සංවේගය පළ කරයි. අද (2) චීන ජනාධිපතිවරයා පණිවිඩයක් යොමු කරමින් එසේ සංවේගය පළ කර ඇත.
අධික වර්ෂාපතනය හේතුවෙන් ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශවල බරපතල ගංවතුර තත්ත්වයක් හටගැනීමෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදු වී තිබේ. මේ පිළිබඳව චීන රජය හා ජනතාව වෙනුවෙන් දැඩි සංවේගය පළ කරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් කියා සිටී. Felipe රජු හා ස්පාඤ්ඤ රජයේ නායකත්වය යටතේ ගං වතුරෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට දුෂ්කරතා ජය ගත හැකි වනු ඇති බවට හෙතෙම විශ්වාස ද පළ කර ඇත.