තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට
2024-11-01 16:51:57
Share with:

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ  සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (01) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවය. 

අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බවද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම