චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පේරු ජනරජයේ විකාශය ඇරඹේ
2024-11-01 15:25:47
Share with:

චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පේරු ජනරජයේ විකාශය ඇරඹේ. වැඩසටහන් විකාශය ආරම්භ කිරීමේ උළෙල පසුගිය 30 වැනි දා එරට ලීමා නුවර දී පැවැත්විණ. ‘සෞභාග්‍යයේ මාර්ගය’ විශේෂ වාර්තාමය චිත්‍රපටය ඇතුළු වැඩසටහන් 20කට වැඩි සංඛ්‍යාවක් පේරු රාජ්‍යයේ ප්‍රධාන මාධ්‍යයන් හි විකාශය කිරීමට නියමිත ව තිබේ.

පේරු අග්‍රාමාත්‍ය Gustavo Lino Adrianzén Olaya මහතා, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා උළෙලේ දී වීඩියෝ ආකාරයෙන් දේශන සිදු කළහ.

චීන මාධ්‍ය සමූහය පේරු ප්‍රේක්ෂකයන් වෙත චීනයේ විචිත්‍රවත් වැඩස‍ටහන් ඉදිරිපත් කිරීම පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරයා මෙමගින් දෙරට ජනතාවගේ මිතුදම හා අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් තහවුරු වනු ඇතැයි සඳහන් කළේය.

පසුගිය ජුනි මාසයේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Dina Boluarte ජනාධිපතිවරිය සමග බෙයිජිං නුවර පැවති හමුවේ දී චීන-පේරු පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව ඉහළ මට්ටමකට රැගෙන යා යුතු බව සඳහන් කළේ යැයි Shen Haixiong මහතා පැවසීය. මෙම වැඩසටහන් පේරු රාජ්‍යයේ විකාශය කිරීම දෙරට රාජ්‍ය නායකයන්ගේ එකඟතාවන් අනුගමනය කිරීමකි. එමගින් දෙරට මානව හුවමාරු හා සබඳතාවේ නව අනාගතයක් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම