චීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 40වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන් ගෙන් සුබපැතුම්
2024-11-01 16:30:39
Share with:

චීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 40වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පණිවිඩ යොමු කරති. අද (01) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Mohamed bin Zayed Al Nahyan එසේ සුබපැතුම් පණිවිඩ යොමු කර ඇත.

ගෙවුණු දශක 4 තුළ චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍ය සබඳතා විධිමත් ලෙස වර්ධනය වෙමින් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සරු ප්‍රතිඵල සහිතව පවත්වාගෙන ගොස් ඇති බව චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් කියාසිටී. ඉකුත් මැයි මාසයේ සිදු කළ චීන සංචාරයේදී ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය පිළිබඳව Mohamed bin Zayed Al Nahyan ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණ තිබේ. ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 40වැනි සංවත්සරය නව ආරම්භයක් වශයෙන් සලකා Mohamed bin Zayed Al Nahyan ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා  සඳහන් කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සඳහන් කළේ සිය රට හා චීනය අඛණ්ඩව වර්ධනය වෙමින් සමෘද්ධිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල වඩාත් පුළුල් සහයෝගිතාවක් පැවැත්වීමට කැමති බවත්, එසේ ම චීනය සමග පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතා ශක්තිමත් කිරීමට සැමවිටම කටයුතු කරන බවත්, Mohamed bin Zayed Al Nahyan ජනාධිපතිවරයා කියා සිටී.

මේ අතර, චීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ 40වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ද අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පණිවිඩ යොමු කර ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම