චීන ජනපති සහ ස්ලෝවැකියා අගමැතිවරයා අතර හමුවක්
2024-11-01 19:35:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්ලෝවැකියා අගමැති Robert Fico මහතා හමු වෙයි. එම  හමුව අද (1) සවස බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.  චීන-ස්ලෝවැකියා සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වයක් වෙත ඉහළ  නැංවීමට දෙරට තීරණය කර ඇති අතර, එය ද්විපාර්ශ්වික සහයෝගීතාවයට නව උත්තේජනයක් එක් කරනු ඇතැයි ඔහු කීය. අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ගැඹුරු කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම, සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම හරහා දෙරටේ සබඳතාව ප්‍රවර්ධනය කළ හැකි බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මේ අතර, ස්ලෝවැකියා පුරවැසියන්ට වීසා රහිතව දින 15ක කාලයක් චීනයේ රැඳී සිටීමට අවස්ථාව සැලසීමට චීනය තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය. චීන-යුරෝපා සබඳතාවට ද චීනය වැදගත් කොට සලකන අතර, ද්විපාර්ශ්වික සබඳතාව පිහිටුවීමේ 50 වැනි සංවත්සරය ලබන වසරේ උදා වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතාව පරිණත මෙන්ම ස්ථාවරභාවයකින්  පැවතිය යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

එකම චීනය ප්‍රතිපත්තිය ස්ලෝවැකියාව ස්ථීර ලෙස අනුගමනය කරන අතර, ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරීම් අගය කරන බව Robert Fico මහතා එම අවස්ථාවේදී පැවසීය. එම වීසා රහිත ප්‍රතිපත්තියට ස්ලෝවැකියාව ස්තුතිවන්න වන බව ද ඔහු කීය.  චීනය සමග පක්ෂ අතර හුවමාරුව මෙන්ම රාජ්‍ය පාලනය පිළිබඳ හුවමාරුව ශක්තිමත් කරමින්, යුරෝපා සංගමය සංවාද හරහා වෙනස්කම් නිසි ලෙස හැසිරවීම ප්‍රවර්ධනය කිරීමට ස්ලෝවැකියාව  කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

එම හමුවෙන් අනතුරුව, “උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීම පිළිබඳව චීනය සහ ස්ලෝවැකියාව අතර ඒකාබද්ධ ප්‍රකාශය” දෙපාර්ශවය නිකුත් කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම