පිලිපීන වෙරළාරක්ෂක බලකාය නවීකරණය සඳහා ඇමරිකාව ඇමරිකානු ඩොලර් මිලියන 8ක මූල්‍ය ආධාරයක් ලබා දෙනු ඇතැයි පිලිපීනයේ ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය දා ප්‍රකාශ කර ඇත. මීට පෙර එනම් ඉකුත් ජුලි මස අවසානයේ පිලිපීනයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක යුද ආධාරයක් සපයන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබිණ. ඇමරිකාව පිලිපීනයට යම් යම් උපකාර කළ ද එහි විවිධ පූර්ව කොන්දේසි හෝ සීමා ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමරිකාව කුමන රටකට ආධාර උපකාර කළ ද ඉන් අවසාන වශයෙන් තමන්ට වැඩි වාසි ලබා ගන්නා බව බොහෝ අවස්ථාවලදී ඔප්පු විය.ඇමරිකාව යුක්රේනයට ලබාදුන් සහාය ද එවැන්නකි.යුක්රේනයට ලබාදුන් මූල්‍ය ආධාරවලින් බහුතරයක් අවාසනයේ වෙනත් ආකාරයකින් ආපසු ඇමරිකාවට හිමි වන බවත්, එයින් ඇමරිකාවේ බොහෝ රැකියා අවස්ථා නිර්මාණය වන බවත්, වරෙක ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පවසා තිබේ.
ආධාර මුදල් ලබාදීමෙන් හෝ යුද අවදානම් ඇති කිරීමෙන් ලාභ උපයා ගැනීම ඇමරිකාවේ සුපුරුදු උපායකි. මෙම උපාය මගින් ඇමරිකාව සුළු පිරිවැයකින් මහ ලාභයක් හුවමාරු කිරීම රහසක් නොවෙයි. මෙම උපාය යටතේ 2023 වසරේ විදේශ රටවලට අවි අලෙවි කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 238ක් උපයා ගැනීමට ඇමරිකාව සමත් විය.
2023 වසරේ සිට ඇමරිකාව සිය“ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය”වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය සමග ගැටුම් පවතින පිලිපීනය හවුල් කරගෙන තිබේ. ඒ සඳහා ඇමරිකාව පිලිපීනයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සහාය ලබා දෙන අතර ඔත්තු සේවා හා හමුදා සංවර්ධනය වැනි උපකාර ද සපයා දෙයි. මෙමගින් ඇමරිකාව පිලිපීනය දකුණු චීන මුහුද වැනි ගැටුම්වලට ඇද දමමින් පිලිපීනය සිය ආධිපත්‍යය රැකගැනීමේ ඉත්තක් බවට පත් කර තිබේ.