Monkeypox වසංගතය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි කාර්ය සාධක බලකාය සක්‍රීය කරයි
2024-10-31 10:45:25
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල්කරුවන් ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථම වරට ගෝලීය සෞඛ්‍ය හදිසි කාර්ය සාධක බලකාය සක්‍රීය කර Monkeypox වසංගතයෙන් බලපෑමට පත් රටවලට සහය දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 29 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

Monkeypox වසංගතයෙන් බලපෑමට පත් රටවල් අටක හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තක්සේරු කිරීමෙන් පසු, ගෝලීය සෞඛ්‍ය හදිසි කාර්ය සාධක බලකාය වසංගත රෝග නිරීක්ෂණ සහ ප්‍රජා සහභාගීත්වය ඇතුළුව ශක්තිමත් කළ යුතු ක්ෂේත්‍ර 22 ක් සහතික කර ඇත. ඔක්තෝම්බර් 17 වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Monkeypox වසංගතයෙන් බලපෑමට පත් රටවලට විශේෂඥයින් 56 දෙනෙකු යවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල්කරුවන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට සහ අනෙකුත් රටවලට සායනික, පවුල් සත්කාර, ආසාදන වැලැක්වීම සහ පාලනය යනාදිය සඳහා පුළුල් සහයෝගයක් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ Michael Ryan මහති පැවසීය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම