විදේශ මැදිහත්වීම් හා අවහිර කිරීම්වලට එරෙහි කියුබානු ජනතාවගේ විරෝධයට චීනයේ දැඩි සහාය
2024-10-31 19:12:46
Share with:

විදේශ මැදිහත්වීම් හා අවහිර කිරීම්වලට එරෙහි කියුබානු ජනතාවගේ විරෝධයට මෙන්ම, ස්වෛරීභාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීමට ද, චීනය සිය අඛණ්ඩ සහාය පළ කරයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(31) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, කියුබාවට එරෙහි ඇමරිකානු අවහිර කිරීම් හා සම්බාධක වලට චීනය සැමවිටම විරුද්ධ  බවයි. 1992 වසරේ සිට චීනය එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී 32 වතාවක් අඛණ්ඩව කියුබාවට එරෙහි ඇමරිනානු අවහිර කිරීම්වලට විරෝධය කිරීම පිළිබඳ යෝජනාවට සහාය  දී ඇත.

79වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය "කියුබාවට එරෙහි ඇමරිකානු ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක අවසන් කළ යුතු ය"  යන මැයෙන් යුත් පොදු විවාදය ඊයේ(30) අවසන් කළේ ය. අනතුරව අදාළ  යෝජනා කෙටුම්පත ඡන්ද 187 ක අතිමහත් බහුතරයකින් සම්මත විය.

 ඇමරිකානු ඒකපාර්ශ්වවාදය හා හිරිහැර කිරීමේ හැසිරීම්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඒකමතිකව හෙළා  දැකීමත් ඊට දැඩි ලෙස විරුද්ධවීමත් ඉන් පිළිබිඹු වන  බව, Lin Jian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම