රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීන ජනපතිගේ ලිපියක්
2024-10-31 18:54:58
Share with:

“උසස් තත්ත්වයේ පූර්ණ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම” නමැති චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් ලිපිය “Qiushi” සඟරාවේ පළ කෙරේ. එය හෙට (1) එම සඟරාවේ 21 වැනි කලාපයෙන් නිකුත් කෙරේ.

රැකියා නියුක්තිය ජනතාවගේ මූලික ජීවනෝපාය වන අතර, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම එය වැදගත් කොට සලකන බව ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට, නව යුගයේ රැකියා නියුක්තිය පිළිබඳ අවබෝධ මෙන්ම අත්දැකීම් අඛණ්ඩව ගැඹුරු කර ඇති අතර, එම ඉතා වටිනා අත්දැකීම් දිගු කාලීනව සංවර්ධනය කළ යුතු බව ද සඳහන් කෙරේ.

උසස් තත්ත්වයේ පූර්ණ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම නව යුගයේ නව මෙහෙයුමක් බව එම ලිපියෙන් අවධාරණය කෙරේ. විවිධ මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු සහ ආණ්ඩු රැකියා නියුක්තිය ජීවනෝපායේ ප්‍රධාන කරුණක් ලෙසට සැලකිය යුතු අතර, අදාළ සංවිධාන පද්ධති, ප්‍රතිපත්ති යාන්ත්‍රණ මෙන්ම කණ්ඩායම් හැකියා තවදුරටත් වැඩිදියුණු කළ යුතු බවද ෂී ජින් පිං මහතා සඳහන් කරයි.


ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම