දිගු කාලක් පුරා ඇමරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික හා වෙළඳ සම්බාධක අවසන් කරන ලෙසට ඇමරිකාවට බල කෙරෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික යෝජනාව අති මහත් බහුතරයකික් සම්මත වෙයි.ඊට රටවල් 187ක සහාය පළවිය.ඇමරිකාව හා ඊශ්‍රායලය පමණක් එම යෝජනාවට විරුද්ධ වූ අතර මෝල්ඩෝවාව ඡන්දය දීමෙන් වැළකිණ.
රාජ්‍යයන්හී ස්වෛරීත්ව සමාන්තවයේ මූලධර්ම ආරක්ෂා කිරීම මෙන්ම අභ්‍යනත්ර කටයුතු වලට මැදිහත් නොවීම මහ මණ්ඩලය යළි අවධාරණය කර සිටී.එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය හා ජාත්‍යන්තර නීතිය යටතේ රාජ්‍යන් සිය බැඳීම් සමග සිටිය යුතු අතර සීමා පැනවීම් වලින් වැළකී සිටිය යුතු බවද එම යෝජනාවේ දැක්වේ.එම යෝජනාවට ලැබුණු ප්‍රතිඵලයෙන් ඇමරිකාව සිය දිගු කාලීන සම්බාධක ප්‍රතිපත්තිය සමග හුදෙකලාවීමක් පිළිබිඹු වෙයි.
කියුබා නායක ෆිඩෙල් කස්ත්‍රෝ ගේ නායකත්වයෙන් සිදුවූ විප්ලවයෙන් පසු 1960 වසරේදී ඇමරිකාව ප්‍රථම වරට එම සම්බාධක පැනවීම සිදු කළේය.මෙම සම්බාධක තව කොතෙක් දුර රැගෙන යා හැකි දැයි සැසිවාරයේ දී ප්‍රශ්ණ කළ කියුබා විදේශ ඇමතිවරයා තම රටට එරෙහි මෙම අවහිර කිරීම වාණිජ යුද්ධය හා සමූල ඝාතන අපරාධයක් ලෙසට දක්වමින් හෙළා දුටුවේ ය.
1992 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය කියුබාවට එරෙහි ඇමරිකාවේ ඒක පාර්ශ්වික සම්බාධක අවසන් කරන ලෙසට බල කරමින් වාර්ෂිකව මෙම යෝජනාව සම්මත කරයි.