බටහිර රටවල ආර්ථික අගය නිකුත් කෙරේ
2024-10-31 10:51:18
Share with:

ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ඊයේ(30) පළ කළ සංඛ්‍යාලේඛනයට අනුව මේ වසරේ තුන්වැනි කාර්තුවේ ඇමරිකා දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 2.8කින් වැඩි වී ඇති බව ඇස්තමේන්තු කෙරේ. එම අගය, ඊට පෙර වෙළඳපොල විශ්ලේෂණය කළ අගයට වඩා පහත වැටී ඇත.

යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පළ කළ දත්ත අනුව මේ වසරේ තුන්වැනි කාර්තුවේ යුරෝ කලාපයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය දෙවැනි කාර්තුවේ අගයට වඩා සියයට 0.4කින් වර්ධනය වී තිබේ. තුන්වැනි කාර්තුවේ යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය දෙවැනි කාර්තුවේ අගයට වඩා සියයට 0.3කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම තුන්වැනි කාර්තුවේ යුරෝ කලාපයේ හා යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය වසරේ එම කාල සීමාවේ අගයට වඩා සියයට 0.9කින් වැඩි විය. ඒ අතරින් යුරෝපා සංගමයේ විශාලතම ආර්ථික ඒකකය  වශයෙන්, තුන්වැනි කාර්තුවේ ජර්මනියේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය දෙවැනි කාර්තුවේ අගයට වඩා සියයට 0.2කින් ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම