බ්‍රික්ස් සමුළුවේදී චීන ජනපති මතුකළ අදහස් අනාගත ප්‍රගමනයට අතිශය වැදගත්
2024-10-31 11:40:05
Share with:

ඇමරිකාව ප්‍රමුඛ කරගත් දැවැන්ත ආධිපත්‍යයකට හිමිකම් කියූ බටහිර කේන්ද්‍රික ආර්ථික වර්ධනයක් 2005 වර්ෂයට පෙර කාල සීමාවේ සිට ලොව දක්නට විය. එහිදී මෙම බල තුලනයෙහි ඇති වූ ගැටළුව නිරාකරණය කිරීම සඳහා ආසියානු සංවර්ධනය මූලික කරගනිමින් 2005 වසරේ දී බ්‍රික්ස් කණ්ඩායමේ බිහි වීම සිදු වූ බව වයඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. 

වර්තමානය වනවිට රාජ්‍යයන් 10 ක් බ්‍රික්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන බැවින්, ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබී ඇත.

'ගෝලීය දකුණේ' සමගිය සහ සංවර්ධනය වෙනුවෙන් චීනයේ දායකත්වය ද මෙහිලා විශේෂ ඇගැයීමට ලක් කළ යුතුය. බ්‍රික්ස් සහයෝගීතාවය තුළ ප්‍රබලම ආර්ථික පෙරගමන්කරුවා ලෙස චීනයට එහිදී පැවරී ඇත්තේ සුවිසල් කාර්‍ය්භාරයක් බව මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.  ලෝක ආර්ථිකයේ දෙවන ප්‍රබලතම ආර්ථිකය හිමි රට ලෙස, ලොව සියලු රාජ්‍යයන් අතර චීනයට හිමි ස්ථානය පිළිබඳ  කිසිදු විවාදයක් නොමැති බව මෙත්සිල මහතා පෙන්වා දෙන්නේ ය. එබැවින් චීනය යනු ඉතා ඉහළ සංවර්ධනයක් සහිත ශක්තිමත් රාජ්‍යයක් යන්න සැවොම පිළිගත යුත්තක් බව එතුමා අවධාරණය කරයි. 

චීන මහජන සමූහාණ්ඩුව වෙත ලොව මෙවැනි තත්ත්වයක් හිමිව ඇති පසුබිමක, කලාපීය සාමය, ආරක්ෂාව සහ සහයෝගීතාවය මූලික කරගනිමින් ඇරඹි බ්‍රික්ස් කණ්ඩායමේ මෙවර සමුළුව තුළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දැක් වූ අදහස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. 

පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයක් පිළිබඳ තම අදහස් ලොවට ඉදිරිපත් කරමින්, එහිදී එතුමා අවධානය යොමු කර ඇත්තේ කලාපීය සාමය, නවෝත්පාදනය, හරිත සංවර්ධනය, සාධාරණත්වය සහ මානුෂීය යන කරුණු සම්බන්ධවයි. චීන ජනපතිතුමන්ගේ මෙම කරුණු පහ පිළිබඳ සැලකීමේදී එය ඉතා පුළුල් ප්‍රවේශයක් ලෙස හඳුනා ගත හැකි වේ.

එහිදී එතුමාගේ විශේෂ අවධානය කලාපීය පොදු ආරක්ශාව වෙත යොමු කරමින් සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක් නිර්මාණය කරන්නෙ කෙසේ දැයි යන්න මූලිකව මතු කර ඇත. එමෙන්ම සංවර්ධනය පිළිබඳ ඇති ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෑත කාලයේ එල්ල වූ චෝදනා සහ සාකච්ඡාවන් සැලකිල්ලට ගනිමින්, නවෝත්පාදන බ්‍රික්ස් යාන්ත්‍රණයක් තුළින් ලෝක සංවර්ධනයේ ගුණාත්මකභාවය වැඩි කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද ෂී ජින්පිං මහතා මෙහිදී සිය අවධානය යොමු කර තිබීම අතිශය වැදගත් වේ.

මෙලෙස පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයක් තුළ ලෝක ආර්ථික, සාමාජයීය, දේශපාලනික ආදී සියලු ක්ශේත්‍රයන්ට අතිශය වැදගත් කරුණු පහක් වෙත චීන ජනපතිගේ අවධානයට ලක්ව තිබීම පැසසුමට ලක් කළ යුතුය. එමෙන්ම මෙම තත්ත්වය බ්‍රික්ස් සාමාජික රටවලට පමණක් නොව සමස්ත ලෝකයෙහිම අනාගත සුබ සිද්ධිය සහ අනාගත ප්‍රගමනය වෙනුවෙන් වැදගත් වනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම