පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදුකර ඇති සියලු කටයුතු සම්බන්ධ පූර්ණ වාර්තාවක් නීතිපතිවරයාට
2024-10-31 16:34:02
Share with:

පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම  මැතිවරණයට  අදාළව මෙතෙක් සිදුකර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය දා දැනුම් දුන්නේය.
කොමිසම මෙම විස්තර වාර්තාව නීතිපතිවරයාට භාරදී ඇත්තේ ඒ අනුවය. මැතිවරණ කොමිෂන් සභාව ලබාදුන් වාර්තාව පදනම් කරගෙන  ලබන හතරවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම