සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් චීනයට අසත්‍ය චෝදනා කිරීමේ ඇමරිකාවේ සැබෑ අභිප්‍රාය කුමක් ද?
2024-10-30 11:35:07
Share with:

මෑතකදී ඇතැම් බටහිර මාධ්‍ය මෙන්ම ඇමරිකාව හා බටහිර රටවල් බුද්ධි අංශවල ඊනියා “චීන ඔත්තු බැලීමේ තර්ජනය” පිළිබඳ අසත්‍ය සිද්ධීන් යළි ප්‍රචාරය කර ඇත. චීන අන්තර්ජාල හැකර්වරු ඇමරිකාවේ සන්නිවේදන ජාලයට නීති විරෝධීව ඇතුළු වූ බව පවසමින් අදාළ ආයතන චීනය අපකීර්තියට පත් කරන ආකාරයේ නව ප්‍රචාරණයන් දියත් කර තිබේ.

ඇමරිකාව හා බටහිර මාධ්‍ය මෙලෙස ඊනියා“ චීන ඔත්තු බැලීමේ තර්ජනය ” යළි යළිත් ප්‍රචාරය කරන හේතු පිළිබඳ විමසා බැලිය යුතු ය. එහි සංකීර්ණ උපායමාර්ගික උත්සාහයක් තිබෙන බව ද ඉන් මනාව පැහැදිලි වේ. 

මේ සම්බන්ධයෙන්, චීන රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය Li Haidong මහතා අදහස් පළ කළේය. වර්තමානයේ ඇමරිකාව හා බටහිර මාධ්‍ය මෙවැනි වාර්තා නිකුත් කිරීමෙන්, ඇමරිකාව චීනය සමග තරඟ කිරීමේදී අතිශය හානිකර මෙවලමක් බවට පත්වීම පිළිබිඹු කෙරෙන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඇමරිකාවේ දේශපාලන සහ සමාජීය මට්ටමේ පවතින චීනය කෙරෙහි විශ්වාසය නොමැති වාතාවරණය මෙන්ම චීනය සමග තරඟකාරීත්ව ගැටුම පිළිබඳ මහජන මතයේ ඊනියා එකඟතාව ද තවදුරටත් තහවුරු වනු ඇත. එසේම, එය මීළඟ ඇමරිකානු රජයේ චීන ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා දැඩි බලපෑමක් කිරීමේ උත්සහායක් විය හැක.

සැබවින්ම චීනයට එරෙහිව ක්‍රියා කිරීම දේශපාලන “ ඔට්ටුවක් ” ලෙස සලකා ඊනියා අසත්‍ය චෝදනා නිර්මාණය කරන ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් සිය රට තුළ චීනය සම්බන්ධයෙන් විරෝධී මතයක් ගොඩනැගීමට අඛණ්ඩව කටයුතු කර ඇත.

මෙවැනි විවිධ දේශපාලන නාටක පිටුපස සිටින සැබෑ “අන්තර්ජාල හැකර් රජු” සහ ගෝලීය වශයෙන් ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නා කවුරුන් ද යන්න පිළිබඳව ලෝකයේ සමස්ත ජනතාවට දිගු කාලයට පෙර සිට පැහැදිලි අවබෝධයක් පවතී. ඇමරිකානු බුද්ධි අංශය දීර්ඝ කාලයක් තිස්සේ ලොව පුරාම විවිධ බුද්ධි තොරතුරු ජාල ස්ථාපිත කරමින් වෙනත් රටවල පුද්ගලයන්ට කැරලි ගැසීමට මෙන්ම රහස්‍ය තොරතුරු සොරකම් කිරීමට පොළඹවා ඇත. එපමණක් නොව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ද ඇමරිකාව මැදිහත් වෙමින් රජයන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට කටයුතු කර ඇති බව නොරහසකි. සිය රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ ශක්තිමත් ලෙස සහතික කිරීම සඳහා බාහිර බලවේගයන් රහස්‍ය තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට චීනය දැඩි පියවර ගනු ඇත.  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම