ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමේ තීරණයක්
2024-10-30 16:50:47
Share with:

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ධීවර නියෝජිතයින් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරේ.

ධීවර කටයුතු පිළිබඳ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (JWG) 6 වැනි රැස්වීම ඊයේ(29)කොළඹදී පැවැත්විණ. එහිදී මෙම තීරණයට එළඹ ඇත.

කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ ලේකම් එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ, සාකච්ඡා සඳහා ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නියෝජිතයින් 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වූ බවයි.

නියෝජිත පිරිස ධීවර හා ධීවර ක්ෂේත්‍රයට අදාළ සියලුම ගැටලු පිළිබඳ පුළුල් සමාලෝචනයක් එහිදී සිදු කෙරිණ.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම