චීන විදේශ ඇමති හා රුසියානු උප විදේශ ඇමති අතර හමුවක්
2024-10-30 20:05:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා, අද(30) බෙයිජිං හිදී රුසියානු උප විදේශ ඇමති Andrey Rudenko මහතා හමු විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා, Kazan නගරයේ දී මේ වසරේ තුන්වන හමුව පැවැත්වීමෙන්, නව වැදගත් එකඟතාවන්ට එළඹි බව, වං යී මහතා සඳහන් කළේ ය. දෙරටේ නායකයන්ගේ එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයම එක්ව උත්සාහ දැරිය යුතු බව ඔහු පැවසීය.

රුසියානු උප විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ, චීනය සමඟ ප්‍රායෝගික සහයෝගීතා ශක්තිමත් කිරීමට, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල දී සම්බන්ධීකරණය පවත්වාගෙන යාමට මෙන්ම, රුසියානු-චීන සබඳතාවල නව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද, රුසියාව කැමැත්තෙන් සිටින බවය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම