චීනය ඉලක්ක කරමින් ආයෝජන සීමා පැනවීමේ ඇමරිකාවේ අවසන් රෙගුලාසි සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.මේ සම්බන්ධයෙන් ඇමරිකාවට දැඩි විරෝධය පළ කරන චීනය ඒ සමබන්ධ පියවර ගැනීමේ අයිතිය ඇතැයි ද සඳහන් කර තිබේ. ඇමරිකාව ජාතික ආරක්ෂක සංකල්පය පමණට වඩා යොදා ගනිමින් චීනයට එරෙහිව අසාධාරණ ලෙස ආයෝජන පියවර ගන්නා බවත් එය සාමාන්‍ය වෙළඳපොල භාවිතයට පටහැනි බවත් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි. ඇමරිකාව සීමා පනවන චිප,කෘත්‍රිම බුද්ධිය,ක්වොන්ටම් පරිගණක ඇතුළු බොහෝ කර්මාන්ත ජාතික ආරක්ෂාවට සම්බන්ධයක් නොමැති බව ද හෙතෙම කියා සිටී.මෙමගින් චීන හා ඇමරිකානු සමාගම් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගතාවන්ට බාධා එල්ලවනු ඇති අතර දෙරටේ ව්‍යාපාරික ප්‍රතිලාභයන්ට හානි ගෙන දෙන බවද එම ප්‍රකාශකයා කියා සිටී.
චීනයට එරෙහි ඇමරිකානු ආයෝජන සීමා හේතුවෙන් චීන වෙළඳපොල බැහැර කිරීමට ඇමරිකානු සමාගම්වලට සිදුවීමත් එය වෙනත් රටවල තරඟකාරී සමාගම් අතට පත්වීම පිළිබඳව ඇමරිකානු ව්‍යාපාර සංගම් හා සමාගම් කණස්සල්ල පළ කර ඇත.ඉන් ඇමරිකාවේ ප්‍රතිලාභයන්ට දැඩිව හානි ගෙන දෙනු ඇත.ඇමරිකාව වෙළඳපොල ආර්ථික නීතිවලට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරයි.