ඌරුමස් අලෙවිය තහනම් කරමින් ගැසට් නිවේදනයක්
2024-10-30 16:55:29
Share with:

ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසිනි.

පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් සූකර උණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන එම ගැසට් නිවේදනයට ඇතුළත් වෙයි.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම