ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සිය නව නායකයා පත් කරයි
2024-10-30 11:24:25
Share with:

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඊයේ(29) සමාජ මාධ්‍යවල ලෙබනන් හිස්බුල්ලා සංවිධානය පත් කළ නව නායකයා වන Naim Qassemගේ ඡායාරූපයක්  පළ කර ඇත. එමෙන්ම එය තාවකාලික පත්වීමක් වන අතර වැඩි කාලයක් එහි කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවත් ගණනය කිරීම ආරම්භ වී ඇති බවත් සඳහන් කරමින් හෙතෙම එහි අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.

මේ අතර ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සිය නව නායකයා ලෙස Naim Qassem නම් කරමින් ඊයේ(29) නිවේදනයක් නිකුත් කර තිබිණ. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ලෙබනනයේ සන්නිවේදන උපකරණ මහා පරිමාණයෙන් පිපිරීමෙන් පසුව හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම තවදුරටත් උග්‍ර වී ඇත. එමෙන්ම 27 වැනිදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සංවිධානයේ හිටපු නායක Hassan Nasrallah මිය ගිය බවට හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම