චීන හා පින්ලන්ත විදේශ ඇමතිවරු බෙයිජිංහිදී හමුවෙති
2024-10-30 19:55:48
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා පින්ලන්ත විදේශ ඇමතිනි Elina Valtonen මහත්මිය හමු වෙයි.එම හමුව අද (30) බෙයිජිං හිදී පැවැත්විණ.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඉහළින් අගය කරමින් වං යී විදේශ ඇමතිවරයා එහිදී කියා සිටියේ චීන-පින්ලන්ත සම්බන්ධතා චීනය හා යුරෝපය අතර සබඳතා ස්ථාවර කිරීමේ තීරණාත්මක සාධකයක් බවයි.දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් අනුව ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන යා යුතු බව වං යී මහතා අවධාරණය කළේ ය.

යුරෝපා සංගමය චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ කෙරෙහි අධික තීරුබදු පැනවීම පිළිබඳව චීන විදේශ ඇමතිවරයා එහිදී අදහස් පළ කළේ ය.යුරෝපා සංගමය ආර්ථික හා වෙළඳ කරුණු දේශපාලනීකරණයට ලක් කිරීම වැළැක්වීම සහ සංවාද මගින් චීන-යුරෝපා මතභේද නිරාකරණය කිරීම සඳහා පින්ලන්තය ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වං යී විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාවට නංවමින් චීනය සමග සමීප සහයෝගිතාවක් පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව  Elina Valtonen මහත්මිය එම හමුවේදී කියා සිටියා ය.චීනය ප්‍රබල රාජ්‍යයකි. ලෝක සාමය  සුරැකීම වෙනුවෙන් චීනය සැමවිටම සක්‍රීය ලෙස කටයුතු කරන බව ඇය පවසයි.යුක්රේන අර්බුදය ඇතුළු ජගත් ගැටළු නිරාකරණය සඳහා චීනය තව තවත් මෙහෙවර ඉටු කරනු ඇති බවට පින්ලන්ත විදේශ ඇමතිවරිය බලාපොරොත්තුව පළ කළා ය.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම