යුරෝපා සංගමය චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ කෙරෙහි සහනාධාර විරෝධී තීරුබදු පැනවීම පිළිබඳ චීනය දැඩි කණගාටුව පළ කරයි. යුරෝපා කොමිසම ඊයේ (29) තීන්දුවක් නිකුත් කරමින් චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ කෙරෙහි සහනාධාර විරෝධී තීරුබදු පැනවීමට තීරණය කළ බව ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. යුරෝපා සංගමයේ එම තීරණය වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාවක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය. එම තීරණය චීන-යුරෝපා නිෂ්පාදන හා සැපයුම් ජාලයට පමණක් නොව යුරෝපා පාරිභෝගිකයන්ගේ අයිතීන්ට ද හානි ගෙන දෙනු ඇත. එම තීරණය හේතුවෙන් යුරෝපා සංගමයේ කර්මාන්ත හරිතකරණයට සහ ජගත් ප්‍රජාව විසින් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ගනු ලබන වෑයමට බාධා එල්ල වනු ඇතැයි ද ලින් චියෙන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.