චීන අගමැති ලී ච්‍යං මහතා පින්ලන්ත ජනාධිපති Alexander Stubb මහතා හමු වෙයි. එම හමුව ඊයේ (29) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
පින්ලන්තය සමග දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින්, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, සහයෝගිතාව හා ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා කීය.
විවෘත සහයෝගිතාව අඛණඩව පවත්වා ගෙන යාම යටතේ වෙළඳ පරිමාණය තවදුරටත් පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරයි. වඩා උසස් මට්ටමේ පොදු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, චක්‍රීය ආර්ථිකය, තොරතුරු සහ සන්නිවේදනය, ස්මාර්ට් බලශක්තිය, කෘෂිකාර්මික සහ ආහාර නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා එක්ව ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බව ලී ච්‍යං මහතා පෙන්වා දුන්නේය.
විශ්වාසනීය හවුල්කරුවෙකු වන චීනය සමග සබඳතාව පින්ලන්තය වැදගත් කොට සලකන බව Alexander Stubb මහතා එම අවස්ථාවේදී පැවසීය. විවිධ පෙළේ හුවමාරු ශක්තිමත් කරමින්, ආර්ථිකය හා වෙළඳාම, කෘෂිකර්මාන්තය, හරිත බලශක්තිය, තිරසර සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාව ගැඹුරු කිරීමට පින්ලන්තය අපේක්ෂා කරන බව ඔහු කීය. ජාත්‍යන්තර කටයුතුවල දී චීනයේ වැදගත් දායකත්ව පිළිබඳව පින්ලන්තය අගය කරන අතර, යුරෝපා-චීන ආර්ථික හා වෙළඳ සබඳතාවේ ස්ථීර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව Alexander Stubb මහතා පෙන්වා දුන්නේය.