චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරයේ සාරය උකහාගෙන ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. අද (29) පෙරවරුවේ පළාත් හා අමාත්‍ය මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් චීන ජාතික පරිපාලන ඇකඩමියේ අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් චීන ජනාධිපතිවරයා දේශනයක් පවත්වමින් එසේ පෙන්වා දුන්නේ ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු එම අවස්ථාවට ද එක්වූහ.
පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරය, නව යුගයේ ප්‍රතිසංස්කරණය අංගසම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ නව කාල පරිච්ඡේදය ආරම්භ කළ බවත්, එය ඓතිහාසික වැදගත්කමින් යුක්ත බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් කියා සිටියේය. යුගයට සරිලන අන්දමින් මහජනතාවගේ අපේක්ෂා හා අවශ්‍යතා සපුරා ගන්නා පරිදි එම ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යා යුතු ය. එය චීන මාදිලියේ නවීකරණය සඳහා ශක්තිමත් ගාමක බලය හා ප්‍රතිපත්තිමය සහතිකයක් සපයා දෙයි. ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේදී විවිධ මට්ටම්වල නිලධාරීන් විශේෂයෙන් ඉහළ පෙළේ නිලධාරීන්ට වැදගත් කාර්යභාරයන් පැවරී ඇතැයි ෂී ජින් පිං මහතා පවසයි. ප්‍රතිසංස්කරණය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා රටේ සියලු තරාතිරම්වල ජනතාව එක්සත් කිරීම ඉතා වැදගත් බව ද හෙතෙම පෙන්වා දෙයි. එසේම පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරයේදී සම්මත කෙරුණු තීන්දු තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් විමසීම සැලකිල්ලට ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.