මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්
2024-10-29 09:36:09
Share with:

මැදපෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(28) හදිසි රැස්වීමක් කැඳවිය. සියළු ආකාරවල ප්‍රකෝපකාරී ක්‍රියා නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ ට්සොන්ග් මහතා එහිදී පැවසීය.

මෙවර රැස්වීම පැවැත්වුණේ ඉරානය, ඇල්ජිරියාව, චීනය හා රුසියාව යන රටවල ඉල්ලීමට අනුවය.

ඊශ්‍රායලය ඉරානයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය 26වනදා ප්‍රහාර එල්ල කළ අතර ඉන් ඉරානයට බරපතල අලාභ හා ජීවිත හානි සිදු වූ බව ෆූ ට්සොන්ග් මහතා පැවසීය. ඉරානයේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමේ සියළු ක්‍රියා හෙළා දකින චීනය, කලාපීය සාමයට හා ආරක්ෂාවට තර්ජන එල්ල වන විනාශකාරී ක්‍රියාවන්ට විරුද්ධ වන බව ඔහු ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයට බලපෑම් කළ හැකි රටවල්, මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට හා යුදමය තත්ත්වයන් වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබා දී ගාසාහි කඩිනම් සටන් විරාමයක් සඳහා පොළඹවමින් ගැටුම් ව්‍යාප්තිය මර්දනය කිරීමට ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම