රාජ්‍ය අංශයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම සඳහා 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන යාන්ත්‍රණය සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2024 නිකුත් කර තිබේ.
එම අමාත්‍ය මණ්ඩලය තීරණය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහාය ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති අතර, එකී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් ව්‍යාපෘති ආධාර ඉල්ලා ඇත.
ඒ අනුව, " ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය" නැමති නව ව්‍යාපෘතිය යටතේ "රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන " සහ "පෞද්ගලික හා අවිධිමත් ආර්ථීක අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන" යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 2 ක් ලබා දී තිබේ.