වී මෙට්‍රික්ටොන් ලක්ෂ 4ක් මිලදී ගැනීමට රජය සූදානම් වෙයි
2024-10-29 16:29:24
Share with:
සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 4ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.
රජය සතුව වී නොමැති වීම සහල් ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇති බවත් මීළඟ කන්නයේ වී මිලදීගැනීමට ගබඩා පහසුකම් දියුණු කරමින් සිටින බවත් වික්‍රමසිංහ මහතා කීය.
සහල් මිල කිහිප දෙනෙක් විසින් තීරණය කිරීමේ අවස්ථාව මින් ඉදිරියට නොලැබෙන බවද වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.