චීනය හා සැම්බියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 60 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා සැම්බියා ජනාධිපති Hakainde Hichilema මහතා අන්‍යෝන්‍ය වශයෙන් සුභපැතුම් පණිවුඩ යොමු කරති.
ගෙවී ගිය වසර 60 තුළ ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුව ද චීන සැම්බියා සබඳතාව අඛණ්ඩව යහපත් ලෙස වර්ධනය වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(29) යොමු කළ එම පණිවුඩයේ සඳහන් කළේය. පසුගිය සැප්තම්බර් මස චීනයේ පැවති චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුවට පැමිණි Hakainde Hichilema මහතා සමග අනාගතයේ දී දෙරටේ සබඳතා වර්ධනය පිළිබඳ වැදගත් උපායමාර්ගික මඟ පෙන්වීම් ඉදිරිපත් කර ඇති බව ෂී ජින්පිං මහතා කීය. Hakainde Hichilema මහතා සමග දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 60 වැනි සංවත්සරය මත වඩාත් සමීප පොදු ඉරණමක් සහිත චීන සැම්බියා හවුල ගොඩනැගීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
චීන සැම්බියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 60 වැනි සංවත්සරය, දෙරටේ සබඳතාවේ වැදගත් සන්ධිස්ථානක් බව Hakainde Hichilema මහතා සුභපැතුම් සිය පණිවුඩයේ සඳහන් කළේය. අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, පොදු ජයග්‍රහණය, පොදු සමෘද්ධිය මත දෙරටේ සබඳතාව වර්ධනය වීමෙන් දෙරටේ සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ලබා දී ඇත. Kafue දොරු ජල විදුලි බලාගාරය, ටැන්සානියා-සැම්බියා දුම්රිය මාර්ගය ඇතුළු සහයෝගිතා ව්‍යාපෘති කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඇතුළු මුලපිරුම්වලට සැම්බියාව අඛණ්ඩව අනුබල දෙමින් චීනය සමග පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බව Hakainde Hichilema මහතා අවධාරණය කළේය.