රාජ්‍යත්වයේ 20 වන සංවත්සරය වෙනුවෙන් කාම්බෝජ රජු වෙත චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-10-29 11:14:18
Share with:

කාම්බෝජයේ රජු ලෙස දිවුරුම් දීමේ 20වැනි සංවත්සරය වෙනුවෙන් නෝරෝඩුම් සිහමොනි රජු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම සුබ පැතුම් පණිවිඩය අද(29) යොමු කෙරිණ.

නෝරෝඩුම් සිහමොනි රජු සිය ධුර කාලය ඇරඹීමෙන් පසු දීර්ඝ කාලයක් පුරා චීන-කාම්බෝජ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමෙහි නිරත ව සිටී. දෙරට නායකයන්ගේ පොදු ප්‍රයත්නය යටතේ පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාව උසස් ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතියකින් යුත් නව යුගයට පිවිස ඇති අතර දෙරට සහයෝගීතා අඛණ්ඩව ශක්තිමත් සහ ස්ථීර ලෙස සංවර්ධනය කර ඇති බව ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත.

චීන-කාම්බෝජ සබඳතා සංවර්ධනය වඩා වැදගත් කොට සලකන අතර කාම්බෝජ රජ පවුල සමග පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ද අගය කරන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර සිටී. පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාව ගොඩනැගීමේ දී ඵලදායී ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා දෙරට අතර සබඳතා පිළිබඳ උපායමාර්ගික මාර්ගෝපදේශ තවදුරටත් ශක්තිමත් කිරීමට නෝරෝඩුම් සිහමොනි රජු සමග එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම