2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ජනපති ජෝ බයිඩන් කල්තියාම ඡන්දය දෙයි
2024-10-29 09:49:12
Share with:
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (28) Delaware ප්රාන්තයේ දී ජනාධිපතිවරණය ආරම්භ වීමටත් පෙර සිය ඡන්දය ප්රකාශ කළේය. ඩිමොක්රටික් ජනපති අපේක්ෂිකා Kamala Harris වෙත සහාය පළ කරමින් හෙතෙම ඡන්දය ලබා දී ඇත.
එළඹෙන නොවැම්බර් මස 5 වැනිදා ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කරන දිනයයි. එහෙත් ඇමරිකාවේ බොහෝ ප්රාන්තවල ඡන්ද දායකයින්ට එම දිනයට පෙර ඡන්දය දීමේ විශේෂ අවසරයක් හිමි වේ. පළමු තැපැල් ඡන්ද පත්රිකා ඉකුත් සැප්තැම්බර් 11 වැනි දා නිකුත් කෙරුණු අතර Minnesota, South Dakota හා Virginia යන ප්රාන්ත සැප්තැම්බර් මස සිට පුද්ගල ඡන්ද ප්රකාශ කිරීම ආරම්භ කර තිබේ.