යුරෝපා සංගමය චීන විදුලි මෝටර් රථ සමාගම් සමග ‍මිළ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා පැවැත්වීම විශ්වාසය පළුදු කරන්නක් බව චීනය කියයි
2024-10-28 19:22:35
Share with:

යුරෝපා සංගමය ඇතැම් චීන විදුලි මෝටර් රථ සමාගම් සමග ‍මිළ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා පවත්වා චීනය සමග පොදුවේ විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු‍වහොත් අන්‍යෝන්‍ය විශ්වාසයට හානි සිදුවිය හැකි බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි. එය සමස්ත සාකච්ඡා ක්‍රියාදාමයට බාධා සිදු කරන්නක් වන අතර මිළ පිළිබඳ ගිවිසුම්  අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමට අතිරේක පරිපාලන පිරිවැයක්  එකතු කරන්නක් බවද එම අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

චීන වාණිජ අමාත්‍ය වං වෙන් ටාඕ මහතා යුරෝපා කොමිසමේ විධායක උප සභාපති හා වෙළඳ කොමසාරිස් වැල්ඩිස් ඩොම්බ්රොවිකිස් මහතා සමග පැවැත්වූ වීඩියෝ සාකච්ඡවේදී චීන වාණිජ මණ්ඩලය‍ට චීනයේ විවිධ ව්‍යවාසයකයන්  යන්ත්‍රෝපකරණ හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනය හා ආනයනය  සම්බන්ධ මිළ සැලසුම් සම්බන්ධයෙන්  පූර්ණ බලය  ලබා දී ඇති බව චීනය පැහැදිලිව ප්‍රකාශ කළේය. මෙම පදනම මත චීනය හා යුරෝපා සංගමය සාකච්ඡා වට කිහිපයක් පවත්වා යම් ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.පෙර සාකච්ඡා  යළි ගොඩනංවා දෙපාර්ශ්වය එය වේගවත් කරනු ඇතැයි චීන අපේක්ෂා කරන බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම