ඇමරිකාව තුළ ප්රජාතන්ත්රවාදය තර්ජනයට ලක් වෙමින් පවතින බවට එරට ඡන්දදායකයන් බහුතරයක් විශ්වාස කරන බව නවතම ජනමත විමසුමකින් හෙළි වේ.
ඇමරිකාවේ New York Times පුවත්පත හා Siena College යන ආයතන ඒකාබද්ධව පැවැත්වූ නවතම ජනමත විමසුමකින් ඊයේ (27) මේ බව අනාවරණය විය. ඒ අනුව, සිය රටේ ප්රජාතන්ත්රවාදය තර්ජනයට ලක් වෙමින් පවතින බව ඇමරිකානු ඡන්දදායකයන්ගෙන් හතරෙන් තුනක හෙවත් සියයට 76කට වැඩි පිරිසක් පවසා ඇත. ඔවුන් අතරින් සියයට 21ක පිරිසක් කියා සිටියේ ප්රජාතන්ත්රවාදය තර්ජනයට ලක් වීමට හිටපු ඇමරිකානු ජනපති Donald Trump මහතා එක් හේතුවක් බවයි. එසේම, ඇමරිකානු රජය හා එහි පවතින දූෂණ අක්රමිකතා රට තුළ ප්රජාතන්ත්රවාදය තර්ජනයට ලක්වීමට හේතුවක් බව ද ජනමත විමසුමට එක් වූ තවත් සියයට 14ක පිරිසකගේ අදහස වී ඇත.
පසුගිය 10 වනදා සිට 23 වනදා දක්වා සංවිධානය කෙරුණු මෙම ජනමත විමසුමට ඇමරිකාවේ ඡන්දදායකයන් 2516 ක පිරිසක් එක්වූහ.