චීන ආග්රාමාත්ය Li Qiang මහතාගේ ආරාධනාවකට අනුව, ස්ලෝවැකියා ජනරජයේ අගමැති Robert Fico මහතා ලබන 31වැනිදා සිට ලබන මාසයේ 5වැනිදා දක්වා, චීනයේ නිල සංචාරයක නිරත වනු ඇත.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(28) පැවති මාධ්‍ය හමුවකදී මෙම සංචාරය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළේය.
මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Robert Fico මහතා හමු වනු ඇත. චීන ආග්රාමාත්ය Li Qiang මහතා Robert Fico මහතා සමඟ සාකච්ඡා කරනු ඇති අතර, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ද Robert Fico මහතා හමු වනු ඇත. දෙරට අතර සබඳතා සහ දෙරට අතර පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව ඔවුන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇත.
ස්ලෝවැකියාව චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් පළමු රටවල් අතරින් එකක් වන අතර, දෙරට අතර සම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු මට්ටමක පවතින බව, Lin Jian මහතා සඳහන් කළේ ය. Robert Fico මහතාගේ මෙම සංචාරය මනා අවස්ථාවක් ලෙස ගනිමින්, ස්ලොවැකියාව සමඟ, ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉහළ මට්ටමකට නැංවීමට චීනය කැමැත්තෙන් සිටින බව, ඔහු එහිදී කියා සිටියේ ය.