අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
2024-10-28 16:38:59
Share with:
යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානය මඟින් සිදුකරන ලද සෝදිසියකදී පේදුරුතුඩුව මුහුදුතීරයට ඔබ්බෙන් වූ ප්රදේශයකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රාව සමඟ ඉන්දීය ධීවරයින් පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දීමට පියවර ගෙන තිබේ.