ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා යළි ඇරඹේ
2024-10-28 09:24:46
Share with:

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා යළි ඇරඹේ.

ඊයේ(27) කටාරයේ දෝහා අගනුවර පැවති එම සාකච්ඡාවට කටාර්, ඊජිප්තුව, ඇමරිකාව හා ඊශ්‍රායලය යන රටවල නියෝජිතවරු සහභාගි වූහ. නමුත් පලස්තීනයේ හමාස් සංවිධානයේ නියෝජිතයින් එම සාකච්ඡාවට සහභාගී වී නොමැත.

හමාස් නායක Yahya Sinwar ගේ අභාවයෙන් පසු, අදාළ විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ පෙළේ නියෝජිතයන් ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳව පැවැත්වූ  පළමු සාකච්ඡාව මෙය විය.

දෝහාහිදී යළි ආරම්භ වූ ගාසා සටන් විරාම සාකච්ඡාවල ප්‍රතිඵල දෙස හමාස් සංවිධානය අවධානයෙන් සිටින බවත් එය සිය එකඟතාවන්ට අනුකූල දැයි අධ්‍යයනය කරන බවත් පලස්තීන හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඇමරිකාව මැදිහත්වීමේ භූමිකාවට විරෝධය ප්‍රකාශ කරමින් තවත් හමාස් නිලධාරියෙක් පැවසුවේ, ඇමරිකාව ගාසා තීරයේ ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ ආධාරකරුවෙකු වන බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම