චීනයේ ඇතැම් සමාගම් අපනයන පාලන සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය
2024-10-28 18:52:01
Share with:

චීන හමුදාවට හා ඉරානයට සම්බන්ධ වීම හේතුවෙන් බොහෝ චීන සමාගම් හා ආයතන, ආයතන ලැයිස්තුව හා තහවුරු නොකළ ලැයිස්තුව ඇතුළු අපනයන පාලන සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන බව ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අද(28) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි. ඇමරිකාව දිගුකාලීනව අපනයන පාලන පියවර අයුතු ලෙස භාවිත කර චීනය ඇතුළු සෙසු රටවල සමාගම් මර්දනය කරමින් ගෝලීය කර්මාන්ත දායම හා සැපයුම් දාමයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය විනාශ කර තිබේ. කඩිනමින් එම වැරදි ක්‍රියාව නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම