දේශපාලනය මහජන සේවයක් බවට පත් කිරීමට රජය ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පවසයි
2024-10-28 16:49:14
Share with:

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔවුන් නඩත්තු කිරීම ජනතාවගේ වගකීමක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ද අඩුවිය යුතු බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගාල්ල බද්දේගම කුම්මෙ ක්‍රීඩාංගනයේදී  පැවැති මහ මැතිවරණ ප්‍රචාරක රැලියේදීය. මන්ත්‍රීවරුන් වෙනුවෙන් දරණ වැය බර ද අඩුවිය යුතු අතර ජනාධිපතිවරයා වෙනුවෙන් දරන පිරිවැය ද අඩු කළ යුතු බව හෙතෙම කීය.

දේශපාලනය මහජන සේවයක් බවට පත් කිරීමට රජය ක්‍රියා කරන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම