චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමක් පවත්වමින් "20වැනි මධ්‍යම කාරක සභාවේ 3වන වටයේ පරීක්ෂණ පිළිබඳ පුළුල් වාර්තාව" විගණනය කරයි
2024-10-28 17:20:46
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය අද(28) රැස්වීමක් පවත්වමින්, "20වැනි මධ්‍යම කාරක සභාවේ 3වන වටයේ විනය පරීක්ෂණ පිළිබඳ පුළුල් වාර්තාව" විගණනය කළේ ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.

ෂී ජින් පිං මහතා කෙන්ද්‍ර කරගත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, විනය පරීක්ෂණ කටයුතු වල වැදගත් කාර්යභාරය අඛණ්ඩව පිළිබිඹු කෙරෙන බව, මෙම රැස්වීමේ දී සඳහන් කෙරිණ. විනය පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, මධ්‍යම හා රාජ්‍ය ආයතනවල, මධ්‍යම පාලන මූල්‍ය ආයතනවල පක්ෂය ගොඩනැංවීමේ කටයුතු ශක්තිමත් කර තිබේ. විවිධ කටයුතුවල නව ප්‍රතිඵල ලබා ඇති ඇතැම්  ගැටලු ද පවතී. විනය පරීක්ෂණ සහ නිවැරදි කාර්යයන් දැඩිව ඉටු කළ යුතු ය. අදාල වගකීම් භාර ගන්නා පුද්ගලයා සහ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයන් දේශපාලන වගකීම් ශක්තිමත් කළ යුතු ය.

පක්ෂ කමිටු හා පක්ෂ කණ්ඩායම් සෑම මට්ටමකම, පුළුල් හා දැඩි ලෙස පක්ෂ පාලන කටයුතු ගැඹුරින් ප්‍රවර්ධනය කළ යුතු බවත්, දූෂණයට එරෙහි සටන අවසන් වන තුරු ක්‍රියාත්මක කළ යුතු බවත්, එම රැස්වීමේ දී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම