පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී යටත් විජිත සමයේ වහල්භාවය සම්බන්ධයෙන් ඉල්ලීම්
2024-10-28 09:29:57
Share with:

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පසුගියදා පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සැමෝවා හිදී පැවැත්විණ. මෙම සමුළුවේදී අප්‍රිකානු, කැරබියන් සහ පැසිෆික් දූපත් රටවල නියෝජිතයින් බොහෝ දෙනෙක් යටත් විජිත සමයේ වහල් වෙළඳාම සහ වහල්භාවය සඳහා වන්දි ගෙවන ලෙස බ්‍රිතාන්‍යය සහ අනෙකුත් අදාළ යුරෝපීය රටවලින් ඉල්ලීමක් කර ඇත.

සමුළුවේදී ඇති වූ ඒකාබද්ධ ප්‍රකාශය වහල්භාවය පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට යෝජනා කළ නමුත් වහල් වෙළඳාම සඳහා කුමන ආකාරයෙන් වන්දි ගෙවිය යුතුද යන්න සඳහන් කර නැත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා මෙම සමුළුවේදී “වන්දි ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ” බව අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේ ස්ථාවරය ද ඉතා පැහැදිලි බව සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය රජ පවුල වහල් වෙළඳාමේ ප්‍රතිලාභියෙකු ලෙස සමාව අයැදීමේ ඉල්ලීම්වලට මුහුණ දී තිබේ. තෙවන චාල්ස් රජු පසුගිය 25 වැනිදා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ වහල් වෙළෙඳාමේ ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු ලෙසකින් සමාවක් ගෙන නොමැත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම