සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක්
2024-10-27 17:09:32
Share with:

සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බව සදහන් වේ. දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කරගනිමින් සහල් තොග පිළිබඳ සංගණනය පැවැත්වෙනු ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ වාර්තාව සඳුදා දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවය.

වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පසුගිය දිනවල පාරිභෝගිකයෝ චෝදනා කළහ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මහ පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් ගෙන්වා සාකච්ඡාවක් ද පැවැත්වූ අතර එහිදී ජනාධිපතිවරයා නියෝග කළේ පාලන මිලට සහල් අලෙවි කරන ලෙසය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම