ලෙබනන මාධ්‍යවේදීන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක්
2024-10-27 16:10:57
Share with:

ලෙබනනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් ලෙබනන් විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ගොනු කරයි. ලෙබනන් ප්‍රවෘත්ති අමාත්‍ය Ziad Makary මහතා ඊයේ (26) මාධ්‍ය හමුවකදී‍ මේ බව පැවසීය.

ලෙබනනයේ මාධ්‍යවේදීන් පමණක් නොව ලෙබනනයේ වාර්තා කටයුතුවල නිරත විදේශීය මාධ්‍යවේදීන්ට ද තර්ජන එල්ල වනු ඇති බව පැවසූ ඔහු ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ඝාතන නතර කිරීමට පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

පසුගිය 25වැනිදා ලෙබනනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ කුඩා හෝටලයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර, හෝටලය තුළ විවේක ගනිමින් සිටි ලෙබනන් මාධ්‍යවේදීහූ තිදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම