ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළා දකී.
චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇ.ඩො. 198කෝටි 80ලක්ෂයක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට ඇමරිකාව අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයයෙකු ඊයේ(26) අදහස් දක්වමින් මේ බව පැවසීය.
ඇමරිකාව, තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම, චීනයේ ස්වෛරීභාවයත් ආරක්ෂක ප්‍රතිලාභයත් දැඩිව උල්ලංඝණය කිරීමක් බව ඔහු සඳහන් කළේය. චීන-ඇමරිකා සබඳතාවට ඉන් දැඩි ලෙස හානි සිදුවීම මෙන් ම තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථායිතාවට ද අවදානමක් ද ගෙන දෙයි. ‘තායිවාන බෙදුම්වාදීන්’ට බරපතළ වැරදි සංඥාවක් ද එමගින් නිකුත් කෙරිණ. චීනය ඇමරිකාවේ එම ක්‍රියාවට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇති බව ද එම ප්‍රකාශකයා පැවසීය.
‘තායිවානය යොදා ගෙන චීනයට පීඩා එල්ල කිරීම’ සහ ‘තායිවානය සන්නද්ධ කිරීමෙන් තායිවානයේ ස්වාධීනත්වයට උපකාර කිරීම’ ඇමරිකා රාජ්‍ය නායකයා සිදු කර ඇති ‘තායිවානයේ ස්වාධීනත්වයට සහාය නොවීමේ’ ප්‍රකාශයට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවකි. චීනය ප්‍රති පියවර ගෙන සියලු අවශ්‍ය ක්‍රියාපිළිවෙළ යොදා ගනිමින් සිය ස්වෛරීභාවය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව තරයේ ම සුරැකීමට සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියේය.