කිරිබති ජනරජයේ ජනාධිපති ලෙස නැවත තේරී පත් වූ Taneti Maamau මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් පිරිනමයි.
2019 සැප්තැම්බර් මස දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව යථා තත්ත්වයට පත්වූ දා සිට, දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව වැඩි දියුණු වී ඇති අතර විවිධ සහයෝගීතාවල පොහොසත් ජයග්‍රහණයන් අත්පත් කරගෙන ඇති බව ෂී ජින් පිං මහතා අද (27) යොමු කළ එම පණිවිඩයේ දැක්වේ. එකිනෙකාගේ මූලික අවශ්‍යතා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් දෙරට සැමවිටම එකිනෙකාට සහයෝගය දක්වා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
චීන-කිරිබති සබඳතාවට ඉතා වැදගත් කොට සලකන තමා Taneti Maamau මහතා සමඟ දෙරට සබඳතාව ස්ථාවර හා දිගුකාලීන දිශාවට ප්‍රවර්ධනය කරමින්, දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමට කැමැත්තෙන් පසු වන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.