චීන-ඇමරිකා ආර්ථික ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම ඊයේ (25) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්විණ. චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය Liao Min මහතා ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වන අතරතුර ඇමරිකා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්Jay Shambaugh මහතා සමඟ රැස්වීමේ සම මුලසුන දැරීය.
දෙරටේ සාර්ව ආර්ථික තත්ත්වය සහ ප්‍රතිපත්ති,ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ මීළඟ පියවරේ සන්නිවේදන විධිවිධාන වැනි කරුණු පිළිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.
චීනයේ වත්මන් සාර්ව ආර්ථික තත්ත්වය සහ මෑතකදී හඳුන්වා දුන් උත්තේජන ප්‍රතිපත්ති මාලාව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එහිදී විස්තර කර ඇත. එසේම, චීනයට එරෙහිව ඇමරිකාව තීරුබදු ඉහළ නැංවීම සහ රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව චීනය කනස්සල්ල පළ කර තිබේ.