ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඇරඹේ
2024-10-26 17:03:14
Share with:
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ විය.
2018 වර්ෂයේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 48ක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.ඡන්ද විමසීමට අදාළ ආරක්ෂක විධිවිධාන සැපයීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබේ.
ඊට අමතරව මෙම මැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රාජ්‍ය නිලධරීන් 600කට ආසන්න සංඛ්‍යවක් යොදවා ඇත.
මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද (26) රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ බලධාරීන් සඳහන් කළේය.