ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය චීනය සමග නව ගිවිසුමකට එළඹෙයි
2024-10-26 15:40:48
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය චීනය සමග ලොව ප්‍රථම කුඩා ප්‍රතික්‍රියාකාරක මොඩියුලය ගොඩනැගීමේ ගිවිසුමට අත්සන් තබයි.

පසුගිය 24 වැනිදා අත්සන් කරන ලද එම ගිවිසුම යටතේ, කුඩා ප්‍රතික්‍රියාකාරක මොඩියුලය සංවර්ධනය කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එම ඒජන්සියේ සාමාජික රටවලට සහාය වනු ඇත. එම ගිවිසුම අත්සන් තැබීම, ප්‍රධාන න්‍යෂ්ටික බලවතෙකු වන චීනය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සි වේදිකාව නිසි අයුරින් භාවිත කර කුඩා ප්‍රතික්‍රියාකාරක මොඩියුල ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරන බව එම ඒජන්සියේ චීන නිත්‍ය නියෝජිත Li Song මහතා ප්‍රකාශ කළේය.  එය "පරමාණුක ශක්තියෙන් ගෝලීය දකුණට ප්‍රතිලාභ ලබා දීම" තහවුරු කිරීමට චීනය ක්‍රියාකාරීව ගන්නා පියවර අතරින් එකක් බව ද ඔහු සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම