ආර්ථික ප්‍රතිසංස්කරණයෙන් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ප්‍රගතියක්
2024-10-26 17:11:52
Share with:

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාවී ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම