චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය දා රුසියාවේ Kazan නගරයේ දී බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 16 වන සමුළුවට එක්වීම පිළිබඳ තොරතුරු චීන විදේශ ඇමතිවරයා විග්‍රහ කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිවාරයෙන් පසු ෂී ජින්පිං ජනාධිපතිවරයා සිදු කළ ප්‍රථම විදේශ සංචාරය මෙය බවයි. බ්‍රික්ස් රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවති ප්‍රථම සමුළුව ද මෙයයි. එහිදී පැය 48කට අඩු කාලයක් තුළ, ෂී ජින්පිං මහතා ක්‍රියාකාරකම් දහයකට වැඩි සංඛ්‍යාවකට එක් විය. බ්‍රික්ස් සාමාජික රටවල් පුළුල් කිරීමෙන් පසු මුහුණ දෙන නව තත්ත්වයන් සම්බන්ධයෙන් ‘පුළුල් බ්‍රික්ස් සහයෝගිතා’ සංවර්ධන දිශානතිය හා මූලධර්මය හෙතෙම පහදා දුන්නේය. බ්‍රික්ස් සහයෝගිතාවේ පෙරටුගාමී බලවේගයක් ලෙසටත් ගෝලීය දකුණේ කේන්ද්‍රීය සාමාජිතයෙකු ලෙසටත් චීනය යළිත් වැදගත් භූමිකාවක් ඉටු කර ඇත.
එසේ ම, මෙම සමුළුවට සමගාමීව, ෂී ජින්පිං මහතා රාජ්‍ය නායකයින් සහ සමුළුවට එක්ව සිටි විවිධ පාර්ශ්ව නායකයින් රැසක් සමග ද්විපාර්ශ්වික හමුවීම් සිදු කළේය. නව එකඟතාවන් රාශියකට ඔවුහු එළඹුණහ. එකම චීනය යන මූලධර්මය තරයේ ම අනුගමනය කරන බව පැවසූ ඔවුහු චීනය, අවංක ම හා විශ්වාසවන්ත ම මිතුරා හා හවුල්කරුවා බව සඳහන් කළහ. ජාත්‍යන්තරය තුළ චීනය වඩාත් විශාල මෙහෙවරක් ඉටුකරනු ඇති බව ඔවුන් අපේක්ෂා පළ කර ඇති බව ද චීන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය.