එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758වන යෝජනාවේ අධිකාරීත්වය සහ සඵලතාව විකෘති කිරීමට දරන ඕනෑම උත්සාහයක් ඉතිහාසය ආපසු හැරවීමක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758වන යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
1971 වසරේ ඔක්තෝබර් මස 25වැනිදා, 26 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2758වන යෝජනාව අතිමහත් බහුතරයකින් සම්මත කර, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ චීන මහජන සමූහාණ්ඩුවේ සියලුම අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනිණ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ එකම නීත්‍යනුකූල නියෝජිතයා ලෙස චීන මහජන සමූහාණ්ඩුවේ පිළිගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ඊට අනුබද්ධ සියලුම ආයතනවලින් තායිවාන නියෝජිතයන් වහාම නෙරපා හැර තිබේ. “චීන දෙකක්” හෝ “එක චීනයක්, එක තායිවානයක්” නොමැති බව මෙම යෝජනාවෙන් පැහැදිලි වන බව Lin Jian මහතා පැවසීය.
මෑත වසරවලදී, බටහිර ඇතැම් බලවේග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758වන යෝජනාව ද්වේෂසහගතව වැරදි ලෙස අර්ථකථනය කර, එම යෝජනාව තායිවානයේ තත්ත්වය නිශ්චය කර නොමැති වැනි වැරදි ප්‍රකාශ පතුරුවා “තායිවානයේ නිදහස” යන බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වා ඇත. එකම චීනය යන මූලධර්මය ප්‍රතික්ෂේප කිරීමට සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758වන යෝජනාවේ අධිකාරීත්වය සහ සඵලතාව විකෘති කිරීමට දරන ඕනෑම උත්සාහයක් ඉතිහාසය ආපසු හැරවීමක් බව Lin Jian මහතා අවාධරණය කළේය. චීනය යළි එකමුතු විය යුතු අතර අනිවාර්යයෙන්ම යළි එකමුතු වනු ඇති බව ද ඔහු පැවසීය.