මොසැම්බික් ජනරජයේ අලුතින් තේරී පත් ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-10-26 18:29:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මොසැම්බික් ජනරජයේ අලුතින් තේරී පත් ජනාධිපති Daniel Francisco Chapo මහතාට සුබ පැතුම් පිරිනමයි. අද(26) හෙතෙම සුබ පැතුම් පණිවිඩය යොමු කළේය.

මෑත වසරවලදී, චීනය හා මොසැම්බික් රාජ්‍යය අතර දේශපාලන විශ්වසනීයත්වය, ප්‍රශස්ත සහයෝගීතාව අඛණ්ඩ ව තහවුරු කර ඇති බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් දෙරට අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබා දී ඇත. චීන-මොසැම්බික් සබඳතාව ඉහළින් වැදගත් කොට සලකන තමා Chapo මහතා සමග එක්ව, චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම මත, සාම්ප්‍රදායික මිතුදම හා පොදු ප්‍රතිලාභ සහිත සහයෝගිතා සහතික  කරමින් දෙරට පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා සිය පණිවිඩයේ කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම