රටේ සිවිල් කටයුතු පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් දෙයි.
මෑත වසරවලදී රටේ සිවිල් කටයුතු පද්ධතිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විධිවිධාන අනුගමනය කරමින් අදාළ රාජකාරි ස්ථිර ලෙස ඉටු කර ඇති අතර, විවිධ කරුණුවල නව ප්‍රගතීන් අත්කර ගෙන ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි.
සෑම මට්ටමක පක්ෂ කමිටු මෙන්ම ආණ්ඩු අඛණ්ඩව ජනතාව කේන්ද්‍රී කර ගනිමින් , පොදු ප්‍රතිලාභ සහිත, මූලික සහ අඩු ආදායම් කණ්ඩායම් ඇතුළු සියලු දෙනා ඇතුළත් ජනතා ජීවනෝපායක් ගොඩනැගීම ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ජනතාව වෙනුවෙන් යහපත් සහ ප්‍රායෝගික ලෙස කටයුතු කළ යුතු අතර, ජනතාවගේ ගැටලු ක්‍රියාකාරීව විසඳිය යුතු බව ද හෙතෙම පවසා ඇත. ජනතාව වඩාත් සැලකිලිමත් වන හා ඔවුන්ට සම්බන්ධ ප්‍රශ්ණ විසඳමින් රටේ සිවිල් කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය අඛණ්ඩව තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
15 වැනි චීන ජාතික සිවිල් කටයුතු රැස්වීම 25 සහ 26 යන දිනවල බෙයිජිං හිදී පැවැත්විණ. රැස්වීමේදී ෂී ජින් පිං මහතාගේ වැදගත් උපදෙස් ප්‍රකාශ කෙරුණු අතර, රටේ සිවිල් කටයුතු පද්ධතියේ ආදර්ශවත් සමූහයන්, ආදර්ශ ශ්‍රමිකයන් සහ කැපී පෙනෙන සේවකයින් ඇගයීමට ලක් කෙරිණ.